Tuesday, November 10, 2026
HomeNEWSවිදුලි කප්පාදුව ගැන තීරණය අද

විදුලි කප්පාදුව ගැන තීරණය අද

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතී ද යන්න පිළිබඳව තීරණය කරන බවය.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණි.

පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලුම ද සලකා බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදු යෝජනාව පිළිබදව අද දිනයේ යළි සමාලෝචනයක් සිදුකිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වන විට අක්‍රීය වී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් අහිමිවුණි.

පවතින තත්ත්වයන් හමුවේ ඉදිරි දින තුන තුළ ද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිම උත්සාහයක් දරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ඊයේ (26) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වෙමින් ජනක රත්නායක මහතා එම අදහස් පළ කළේය.

“කොමිෂන් සභාව නැවත එකතුවෙලා තියෙන දත්ත විශ්ලේෂණය කරලා, අපිට තීරණයක් ගන්න වෙනවා ඊළඟ දවස් දෙක තුනේ විදුලිය විසන්ධි කරනවා ද? නැද්ද කියන තත්ත්වය ගැන. අපි දැක්කා එක විදුලි බලාගාරයක් ක්‍රියාවිරහිත කරනවා නඩත්තු කටයුතු සඳහා. ඒක අපි බලාපොරොත්තු නොවුන දෙයක් මේ වෙලාවේ. මෙගාවොට් 130ක පමණ ප්‍රමාණයක් නැතිවුණා. දවස් 7ක් වගේ කාලයකට මේක නවත්තලා තියෙනවා. දැන් විදුලි ඉල්ලුම සහ සැපයුම දෙක ගළපා ගන්න බැරි නිසා අපිට වෙනවා සමාලෝචනය කරලා බලන්න ඉතිරි දවස් දෙක තුනට පුළුවන් ද මේ තත්ත්වය කළමනාකරණයට හැකියාවක් තියෙයි ද කියලා. දැන් තෙල් එන ප්‍රමාණයක් තියෙනවා අද කැපුන් නැත්නම් හෙට කැපීමේ තත්ත්වයක් නෑ. තෙල් සංචිත ලැබුණොත් අපිට 30 වෙනකල් මේක ඇදගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img