විදෙස්ගතව පැමිණි 9කට කොරෝනා
මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත්, දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත්, 06 දෙනෙකු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2927 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ් – 19 ආසාදනය වී සුවය ලැබු ආසාදිතයින් ගණන 2789ක් වන අතර තවත් රෝගීන් 127 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.






















