විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකුට කොරෝනා
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේය.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (16) දිනයේ ද රෝහල්ගතව සිටි සිව් දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2670ක් ලෙසයි.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 212කි.






















