Friday, July 17, 2026
HomeNEWSවිදේශ රටවල් රැසක් ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනයට සුබපැතුම් පිරිනමයි.

විදේශ රටවල් රැසක් ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනයට සුබපැතුම් පිරිනමයි.

.විදේශ රටවල් රැසක් ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනයට සුබපැතුම් පිරිනමයිශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් රටවල් කිහිපයක් සහ ගෝලීය නායකයින් කිහිප දෙනෙකු සිය සුබ පැතුම් පිරිනමා ඇත. එමගින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව යලි තහවුරු කර ඇත.ශ්‍රී ලංකාවේ දිගුකාලීන සගයෙකු වන එක්සත් ජනපදයේ සුබපැතුම එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේ ය. නිල ප්‍රකාශයක් මගින් රාජ්‍ය ලේකම් අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ශක්තිමත් මානව සම්බන්ධතා මත ගොඩනැගුණු දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය දිගු කල් පවතිනු ඇති බවයි. තවදුරටත් එහි වෙළඳාම, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවත් සුභවාදී අදහස් පළ කර ඇත.(https://x.com/State_SCA/status/1886550556027838793?t=hHKZF9-RX6WUY-xzmXUC8A&s=08)ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද නිදහස් දින සුබපැතුම් සමාජ මාධ්‍ය පණිවුඩ හරහා (https://x.com/drsjaishankar/status/1886620612858093841?s=46&t=IfY25chVh5rvI-KPA7jSdw) පිරිනැමුවේය. දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාවේ උනන්දුව ඔහු යළිත් තහවුරු කළේය.චීන ජනාපති, චීන අගමැති සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතාගේ නිදහස් දින පණිවුඩය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය හරහා නිල පණිවුඩයක් යොමු කරමින් පිරිනැමුවේය. ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම මෙම පණිවිඩය මගින් අවධාරණය කර ඇත. මීට අමතරව, ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාවට සුබ පැතුම් පළ කර ඇති අතර, එය ශ්‍රී ලංකාව ලොව පුරා දිනා ඇති ශක්තිමත් සහ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිළිබිඹු කරයි.ශ්‍රී ලංකා රජය මෙම සුබපැතුම් සඳහා අවංක ප්‍රසාදය පළ කරන අතර සාමය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අර්ථවත් හවුල්කාරිත්වයන් මුලපිරීමට කැපවී සිටියි. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img