Monday, October 26, 2026
HomeNEWSLatest Newsවිනාශවෙමින් පවතින අතහැරදැමු පාසැල් ගොඩනැගිලි

විනාශවෙමින් පවතින අතහැරදැමු පාසැල් ගොඩනැගිලි

ප්‍රමාණවත් පහසුකම් පැවතියත් අද වන විට විනාශ වෙමින් පවතින පාසල් භූමියක්  පිළිබඳව ඇළහැර ප්‍රෙද්ශයෙන් “අද දෙරණට” වාර්තා විය.

මව්පියන් අදාළ බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පාසල් භූමිය ඵලදායි ක්‍රියාවක් සඳහා භාවිත කරන ලෙසය.

ඉරහද කෙටූවැව මහා විද්‍යාලය, ඇළහැර ගොවිජනපද ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ ඉදි වූ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.

ඇළහැර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසල මීට වසර 5 කට පෙර දියබෙදුම නගරය ආශ්‍රිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ.

එවකට එම විද්‍යාලයේ විදුහල්පති සහ ඇළහැර කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පාසල එලෙස වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබුණි.

ඒ මව්පිය විරෝධය මධ්‍යයේය.

එහෙත් එහ පාසල් භූමියකට අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් අද වන විට එහි සිප් සතර හදාරන දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිප් සතර හදාරන දරුවන්ට ප්‍රමාණවත් තරම් ගොඩනැඟිලි පහසුකම් නව පාසල් භූමියේ නොමැතිවීම ඒ අතර පවතින ප්‍රධාන ගැටලුවකි.

පහසුකම් සහිත ගොඩනැඟිලි 11 ක් සහ ගුරු නිවාස 4 කින් සමන්විත පැරණි පාසල් භුමිය දිරාපත්වෙමින් ඇති අතර එය අද වන විට සමාජ විරෝධි ක්‍රියාවන්ට තෝතැන්නක් වී ඇති බව මව්පියන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img