Monday, November 9, 2026
HomeNEWSවිනාශ වී තිබු ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය කොළඹ සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණිගේ...

විනාශ වී තිබු ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය කොළඹ සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණිගේ මැදිහත්වීමෙන්, දින 30කින් යළි ජනතා සේවයට.

2023.06.11

විනාශ වී තිබු ලුණුපොකුණ තෙමහල් සංකීර්ණය කොළඹ සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණිගේ මැදිහත්වීමෙන්, දින 30කින් යළි ජනතා සේවයට

කොළඹ මහ නගර සභාවට අයත්, වසර කීපයක් අත්හැර විනාශ මුඛයට ලක්කර තිබූ කොළඹ ලුණුපොකුණ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රජාව සමඟ මැදිහත්වීමෙන්  දින 30ක් ඇතුළත කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා අංශය මගින් පිළිසකර කර, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සේවා පහසුකම් රැසක්, යළිත් ලුණුපොකුණට ගෙනඒම, පසුගිය සතියේ සිදු කෙරිණි.

මහජන මුදලින් ඉදිකර තිබූ මෙම තෙමහල් ගොඩනැගිල්ල කොළඹ මහ නගර සභාවේ අවධානයෙන් ගිලිහීම නිසා ජරාජීර්ණ වී සමාජ විරෝධී ස්ථානයක් ලෙස අතහැර දමා තිබූ අතර, කොළඹ සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා, මීට මාසයකට පෙර, ප්‍රදේශයේ ජනතාව මෙන්ම නිලධාරීන්ද සමග එම ස්ථානයේ ම රැස්වීමක් කැඳවා, පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් දින 30ක් තුළ ගොඩනැගිල්ල පිළිසකර කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කර දී තිබිණි.

මහජන පහසුව, වියදම් ඉතිරිය, හා ප්‍රජා සහභාගිත්වය ඉහළ නැන්වීම උදෙසා මෙසේ පිළිසකර කළ ගොඩනැගිල්ලට පිවිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහා සංඝරත්නය, පූජක උතුමන්, කොළඹ දිසාපතිවරයා, කොළඹ මහ නගර සභා කොමසාරිස්වරිය, කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා, කොළඹ මහ නගර සභාවේ හිටපු සභිකයින්, පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රජා නායකයින් ඇතුළු මහජන සහභාගීත්වයෙන් එය සිදුකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img