විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම මෙහි අරමුණ බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පැවැසිය.විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් දැනුම්වත් කිරීම සදහා අද 03 පෙරවරුවේ මහනුවරට පැමිණි අධිකරණ ඇමති වරයා උන්වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවැසිය.විනිසුරු වරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම පිළිබඳව සමාජයේ විවිධ කතා පැවැතුණද එම කරුණු බොහෝ දුරට නිවැරදි ඒවා නොවන බවද එක් එක් පාර්ශව මේ ප්‍රශ්නයේදී ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීම නිසා යම් ව්‍යාකූලත්වයක් මතු වී ඇති බවද මහා නාහිමිවරුන්ට මේ පිළිබඳව සත්‍ය කරුණු පෙන්වා දුන් බැවින් උන්වහන්සේලා කරුණු හොදින් අවබෝධ කර ගත් බවද ඇමතිවරයා පැවැසිය.
නීතීඥ හා විනිසුරු වන් තුළ පරිණත භාවය වැඩි වීමත් කාර්‍යක්ෂමතාවයට හේතු වන බවද නඩු පමා වීම නිසා ජනතව විශාල පීඩාවකට පත් වී සිටින බවද නඩු පමා වීමට බලපානු ලබන නීතීපති දෙපාර්තමේන්තුව,රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ යටතේ කාර්‍යක්ෂම වන බවද පැවැසූ ඇමති වරයා දැනටමත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දිවා රෑ නොතකා සිය කටයුතු සිදු කරමින් මසකට වාර්තා 7500 -9000 ක් අතර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පැවැසිය .
මෙරට අධිකරණ තුළ සිටින රැඳවියන් 40,000 පිරිසෙන් 30000 පිරිසක් රිමාන්ඩ් සිර කරුවන් බවද එයින්ද 23000 පමණ පිරිසක් රස පරීක්ෂක වාර්තා පමා වීම හේතුවෙන් රඳවා සිටින මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවන් බවද පැවැසූ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා රජය විසින් ගෙන යන මත් ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් බන්ධනාගාර තදබදය වැඩි වූ බවත් පැවැසිය .
පේන විධියට ප්‍රශ්නය හිර ගෙදර ඒත් ප්‍රශ්නය තිබෙන්නේ වෙන තැනක.බන්ධනාගාර ප්‍රමාණය වැඩි කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.10000 ඉන්න ඕනෑ තැන 29000 ක් ඉන්නවා.මේ තත්වය අපි ආණ්ඩුව ගන්න කලින් සිට තිබුණ ප්‍රශ්න .මේවාට දීර්ඝකාලීන විසදුම් සොයන්න අවශ්‍යයයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ද එක් විය.






















