විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්. නව වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්රධාන සංවිධායක ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සුදුසු බවට සමගි ජනබලවේගයේ බහුතරයක් අතර කතාබහක් ඇති වෙමින් පවති. පක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය සඳහා කබීර් හෂීම් පාඨලී චම්පික රණවක ගයන්ත කරුණාතිලක හර්ෂ ද සිල්වා යන අයගේ නම් යෝජනා වුවද බොහෝ දෙනෙකු ප්රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන හොඳ අවබෝධයක් ඇති සහ අත්දැකීම් තිබෙන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම තනතුරට පත් කළ යුතු බවයි.






















