විමල්ගේ “නවය; සැඟවුණු කතාව” කෘතියේ “ඉංග්‍රීසි – රුසියන් පරිවර්තන” ජනගත කිරීම ඔක්තෝබර් 13 වැනිදා
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය(NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් ලෙස ජනගත කිරීම එළඹෙන ඔක්තෝබර් 13 වැනි සිකුරාදා සවස 3:00ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) සිදු කෙරේ.
මෙම පරිවර්තන කෘති ජනගත කිරීමේ උළෙලේ ආරාධිත දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා විසින් ද කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් ද සිදු කිරීමට නියමිතය.
ස්තූතියි,
මෙයට විශ්වාසී,
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-10-09
? For English Media
Wimal to launch English, Russian translations of ‘9: Sangawuna Kathawa’
The leader of the National Freedom Front, Wimal Weerawansa, MP, will launch ‘Nine: The Hidden Story’, the English translation of ‘9: Sangawuna Kathawa’ as well as its Russian translation (Скрытая история) next Friday (Oct. 13) at 3:00 pm at Light House Auditorium of Lakshman Kadirgamar Institute.
MP Weerawansa said that his intention was to expose the Western-backed strategy behind the so-called Galle Face struggle that forced President Gotabaya Rajapaksa out of Office in May last year. Journalist Shamindra Ferdinando will deliver the keynote address in addition to the author’s speech.






















