Tuesday, September 22, 2026
HomeNEWSවිමල් මහින්ද බලන්න ගියේ ඇයි?

විමල් මහින්ද බලන්න ගියේ ඇයි?

විජේරාම නිල නිවසින් ඉවත්ව යාමෙන් පසු මේ වන විට තංගල්ල කාල්ටන් නිවසේ රැුදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ(16) එහි ගොස් ඇත.ඒ සමබන්ධයෙන් ඔහු විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.දශක ගණනාවක් පුරා පෝෂණය වූ LTTE ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත භාරදි තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත් ඊයේ (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img