Sunday, November 8, 2026
HomeNEWSවිශ්‍රාමික හමුදා මේජර් ඝාතනය කළ පොල් කඩන්නා

විශ්‍රාමික හමුදා මේජර් ඝාතනය කළ පොල් කඩන්නා

මාලඹේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රෝගීව ඇඳ මත වැතිර සිටී විශ්‍රාමික හමුදා මේජර්වරයෙකුගේ කටට පාංකඩ ඔබා ඝාතනයකර ඔහු සහ ඔහුගේ බිරිඳ පැළඳ සිටි රුපියල් ලක්ෂ 15  කට ආසන්න වටිනා  රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය සහ  දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉන් ප්‍රධාන සැකකරු පොල් කඩන්නෙකි.

ඔහු සහ ඔහුගේ සගයා අද (20)  අත්අඩංගුවට ගත් බව බස්නාහිර  පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි 

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මාලබේ තලාහේන සිසිල පුර පදිංචිව සිටි ජයරත්න බණ්ඩාර 
නමැති 81 හැවිරිදි විශ්‍රාමික මේජර් වරයෙකි.  

කොල්ල කා තිබූ රන් මාලයක්, අත් පළඳනාවක්, මුදු තුනක් සහ කරාබු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. 

ඉකුත් 16 වැනි දින අලුයම පහට පමණ තාප්පය මතින් පැන  නිවසේ මුළුතැන්ගෙයි අසලට පැමිණ සැඟව සිටි සැකකරුවන් දෙදෙනා විශ්‍රාමික මේජර්වරයාගේ බිරිඳ  මුළුතැන්ගෙයි දොර අරිනවාත් සමගම කඩාවැදී ඇයව කාමරයකට දමා අත් පා බැඳ කටට රෙදි පාංකඩ ඔබා මරණීය තර්ජනය කර මෙම කොල්ලය සිදුකර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

එම අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව පැළඳ සිටි කරාබු  යුගලය, අත් පළඳනාව මුදුවක් සහ රන්මාලය සැකකරුවන් විසින් කොල්ල කා තිබූ බව පොලිසිය සඳහන් කරයි. 

අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා යාබද කාමරයේ රෝගීව ඇඳ මත සිටි විශ්‍රාමික මේජර්වරයාවරයාගේ කටට ද පෙර ආකාරයේම පාංකඩ ඔබා අත් දෙක උඩටකර ගැට ගසා අත පැළඳි තිබූ රන් මුදු දෙකක් කොල්ල කා ඉදිරිපස දොරින් පිටවී තිබූ බව සීසීටීවී දර්ශන අනුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය  කියයි. 

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර කරන ලද කොල්ල කෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරමින් සිටියදී ඇති වූ සැකයක් මත ඝාතනයට ලක්වූ මේ ලක්වූ මේජර්වරයාගේ නිවස පිහිටි වත්තට කලක සිට පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙක් කෙරෙයි ඇති වූ සැකයක් අනුව එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශන සිදුකළ බව පොලිසිය කියයි.

අදාළ නිවසින් එදින අලුයම පුද්ගලයන් දෙදෙනකු පිටවන අයුරු CCTV කැමරාවක සටහන් වු දර්ශන පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බත්තරමුල්ල තෙක් ගමන් ගත් මාර්ගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලීසියට ලද තොරතුරක් අනුව පොල් කඩන්නා වැලිකඩ සයුරු පුර නිවාස සංකීර්ණයේ ස්ථිර පදිංචිකරුවෙකු බවට අනාවරණය කර ගැනීමට හැකි වුවත් එම පුද්ගලයා  එම නිවසේ පදිංචි නැති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

අදාළ සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස දෙමටගොඩ බේස්ලයින් 20, ප්‍රදේශයෙන් නිවසක සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා ඝාතනය සිදුකළ පොල් කඩන්නා සහ සගයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රන් භාන්ඩවලින් කොටසක් උකස් කර තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. 

සැකකරුවන් දෙදෙනා තදින්ම මත් කුඩු වලට ඇබ්බැහි වූවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වන අතර
සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img