Thursday, September 10, 2026
HomeNEWSLatest Newsවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

විවිධ කරුණු සඳහා මෙලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම ඔක්තෝබර් මස 08,09 සහ 10 යන තෙදින තුළ අත්හිටුවීමට පියවර ගත් බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.

මේ අතර රටේ පවතින තත්ත්වය මත දේශීය ආදායම්  දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ද අද (07) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

එසේ වුවද මහජනතාවට අවශ්‍යවන සියලුම බදු සේවා ලබාගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය (e – service)ඔස්සේ සපයාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර දේශීය ආදායම්  දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය (www.ird.gov.lk)  ඔස්සේ  සහ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැකි බවද දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img