Wednesday, November 11, 2026
HomeNEWSවිශේෂ පාර්ලිමේන්තු දිනයක් හා අගමැතිතුමාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව.

විශේෂ පාර්ලිමේන්තු දිනයක් හා අගමැතිතුමාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව ලබාදීමට, 2021.11.08 සඳුදා, විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ,  ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට 2021.11.10 පාර්ලිමේන්තුවේදී අවස්ථාව ලබාදීමට, 2021.10.21 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

2021.07.20 සහ 2021.10.06 හා 07 දිනවල  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) වාර්තා තුන සම්බන්ධයෙන් වන ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාව ගැන විවාදය 2021.11.09 අඟහරුවාදා දවස පුරා (පෙ.ව.10.00 සිට ප.ව. 5.30 දක්වා) පැවැත්වීමටද, 2021.10.21 පැවති, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  තීරණය වූ බව සභානායකවරයා පැවසීය.

2021.11.10 බදාදා, ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී අවස්ථාව ලබා දෙනු ඇත. එමෙන්ම එදින, 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන අතර, 1969 අංක 01 දරණ ආනයන හා අපනයන(පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම එදින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන අනුමත කර ගැනීමට නියමිතයි.

එමෙන්ම 2021.11.11 බ්‍රහස්පතින්දා, කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ(විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ නැන්වීමේ සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 60 දක්වා ඉහළ නැ‍ංවීම මේවායේ අන්තර්ගත වේ. 

 එමෙන්ම එදින 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ උපද්‍රවකාරි රැකියා ලැයිස්තු ගැසට් පත්‍රයේ නියෝග ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිතය. මීට අමතරව ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ නියෝග එදින පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිතව තිබේ. 

2021.11.12 වන සිකුරාදා ප.ව. 2.00ට, 2022 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img