Monday, November 9, 2026
HomeNEWSවී අලෙවි මණ්ඩලය ජනපති නිරීක්ෂණයට ... ( ඡායාරූප : උපුල් නිලංග, කුෂාන්...

වී අලෙවි මණ්ඩලය ජනපති නිරීක්ෂණයට … ( ඡායාරූප : උපුල් නිලංග, කුෂාන් මදනායක – ජනාධිපති මාධ්‍ය අංශය

වී අලෙවි මණ්ඩලය ජනපති නිරීක්ෂණයට …

වී මිලදී ගැනීමට ණය සපයන ලෙස
                     ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ජනපතිගෙන් උපදෙස් …

කිසිඳු අක්‍රමිකතාවකට ඉඩ නොතබන්න …

Ø සේවක හිඟයට විසඳුම්…

Ø ගබඩා 35ක් කඩිනම් ප්‍රතිසංස්කරණයට …

Ø වී ගබඩා ආරක්ෂාවට අලි වැට …

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.

තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04) පෙරවරුවේ  නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළෙඳපොළ සහල් අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිතුමාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

 “වී සහ සහල් මිලට ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලෙවිය පිළිබඳ ප්‍රමුඛ රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම” 1971 අංක 14 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත වී අලෙවි මණ්ඩලයේ දැක්මයි. අතරමැදියන්ගෙන් තොරව වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින අවස්ථාවක වී තොග නිකුත් කිරීම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වේ.  

පසුගිය රජය යටතේ 2017 සහ 2019 වසරවල වී ඇටයක හෝ ප්‍රමාණයක් මිලදීගෙන නොතිබීම, පරිභෝජනයට ගත හැකි වී තොග සත්ව ආහාර සේ සලකා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට  ඉතා අඩු මුදලට ලබාදීම හේතුවෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුකර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

වී වලට සාධාරණ මිලක් නොලැබීම,  අතරමැදියන්ට කොමිස් මුදල් බෙදී යාම, වී මිලදී ගැනීමේ දී පනවා තිබූ  කොන්දේසි,  ගබඩා නිසි අයුරින් නඩත්තු නොකිරීම යන කරුණු හේතුවෙන් ගොවියා සහ වී අලෙවි මණ්ඩලය අතර සබඳතාව දුරස් වී තිබිණ.

2020ට පෙර වසර පහක කාලයක් පැවති රුපියල් 35කට වඩා අඩු පාලන මිල  2020  මහ කන්නයේ දී රුපියල් 55ක අවමයකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළේය. 2022 මහ කන්නය වන විට වී කිලෝවක මිල රුපියල් 95ක තරම් ඉහළ අගයකට පැමිණීමෙන් ඉහළ වී තොගයක් මිලදී ගෙන ගබඩා කිරීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ. එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ගබඩා සංඛ්‍යාව 315කි. ඉතිරිව ඇති ගබඩා 35 ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

වී මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස උපාධිධාරීන් 40 දෙනෙකු සහ ගබඩා කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් 200 දෙනෙකු වහාම අනියුක්ත කිරීමට  තීරණය කෙරිණ.

වී ගබඩා ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වී අලෙවි මණ්ඩලය ලාභ උපයන ආයතනයක් ලෙස ගොඩනගන අතර කිසිඳු අක්‍රමිකතාවකට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්  සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img