Saturday, October 31, 2026
HomeNEWSවෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

“වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු ” එයයි අපගේ පණිවිඩය – දිලිත් තරුණ ජන මතය කලඹයි
රට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලන විශ්සවානීය වෙනසක් කරා රටේ අනාගත දිශානතිය කැඳවාගෙන යන නවමු බලවේගයක් ලෙස මීළඟ මැතිවරණයකදී කුරුණෑගල දිස්තික්කයේ කුළුඳුල් ජන්දදායකයින් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න තරුණ බලවේගය කටයුතු කරනු ඇතැයි සර්ව ජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසිය.

මෙරට ශ්‍රී ලංකික තරුණ ප්‍රජාව ව්‍යවසායකත්ව දැක්මකින් යුතුව සතුටු දැයක් කරා මෙහෙයවීමේ අභිලාෂයෙන් 15 වනදා කුරුණෑගල නගර සභා ක්‍රීඩාංගනයෙදී සර්වජන යුත් වයිබ් තරුණ සමුළුව අමතමින් ජයවීර මහතා මේ බව පැවසිය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ..

අද අපි මේ කතා කරන්නේ තවත් දේශපාලන රැස්වීමකට නෙමෙයි. අපි මේ කතා කරන්නේ ආදරය සෙනෙහස හදවතින්ම රැගෙන ඇවිල්ල අපේ රටේ පන නල බඳු තාරුණ්‍යයට. මේ රටේ තාරුණ්‍යයට මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ යම් අසාධාරණයක් සිදුවුවානම් එය නිවැරදි විය යුතු යයි බරපතල ලෙස විශ්වාස කරන කණ්ඩායමක් තමයි අපි. සර්වජන තරුණ පෙරමුණ විශ්වාසයෙන් පෙළ ගැහිලා ඉන්නේ අන්න ඒ විශ්වාසය මත. අපි අද ඔබට දැඩිව ප්‍රකාශ කර සිටිනවා මේ රටේ තාරුණ්‍යයට කණගාටුවට, සංවේගයට, පශ්චාත්තාපයට පත් වන්නට සිදු විය හැකි කිසිඳු දේශපාලනයක් මේ අපගේ සර්වජන බල දේශපාලනය තුල සිදු නොවන බව.

ඒ වගේම ඉතිහාසයේ දේශපාලනයේ කිසියම් හෝ අවස්ථාවක දේශපාලනඥයෙකු විසින් වගකීමකින් තොරව ප්‍රකාශ කරලා ඔබ රැවටුණා නම්, ඒ රැවටීමටත් අපි ඉඩ තියන්නේ නැහැ. අපි කතා කරන වචනයක් වචනයක් පාසා අපි ඔබට වග කියබ් බව සඳහන් කරන කැමතියි. ඉතින් මේක තමයි අපේ පණිවිඩය. අපි අවංක ව්‍යාපාරයක්. මේ රටේ තාරුණ්‍යයේ සැබෑ ව්‍යාපාරය අපි.

ඔබ දන්නවා, මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ලබන විසිවැනිදා ඡන්දයක් පැවැත්වුවොත්, එක්ලක්ෂ පනස්දහසක් තරුණයන් පළමුවැනි වතාවට ඡන්දය දෙනවා. පළමුවැනි වතාවට මේ එක්ලක්ෂ පනස්දහස පමණක්ම තීරණය කළොත්, මේ රටේ අනාගතය තීරණය විය යුත්තේ අපේ කැමැත්ත මත පමණක් කියලා, අපට ඕන දියුණු වුණු ශ්‍රී ලංකාවක් කියලා.

අතමිට සල්ලි තියෙන, තමන්ගේ සිහින ඉෂ්ට කරගන්නට පුළුවන්, තමන්ගේ ගෙයක් හදාගන්නට පුළුවන්, තමන්ගේ වාහනයක් ගන්නට පුළුවන්, තමන්ගේ ආර්ථිකය ගොඩනඟාගත්, ලෝකයේ දියුණු රටක ඒ කියන්නේ දියුණු ශ්‍රී ලංකාවක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන්නට අපට ඒ ආසාවක් තියෙනවා. ඒ සිහිනය මත ඔබ කටයුතු කළොත්, ඒ මඟින් මේ රටේ අනාගතය එක රැයකින් වෙනස් වෙනවා.

එදායින් පස්සේ ඔබ ජීවත් වෙන්නේ, සත්තයි සතුටු දායක රටක.සතුටු දැයක. සත්තයි. අන්න ඒ සතුටු දායක රට තමයි අපිට නිර්මාණය කරගන්නට ඕන. ආදරණීය දරුවනි, ඇත්තටම මේ රටේ තාරුණ්‍යය වන ඔබ ගැන ලොකු විශ්වාසයක් අපට තියෙනවා. අපි මේ කතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය මේ රටේ හැම පොඩි දරුවකුගේම ඔළුවට අපි දාන්න හදන්නේ ඒකයි. මේ ඍණාත්මක සිතුවිලිවලින් ඔබව අයින් කරලා, හැමතිස්සේම ධනාත්මකව හිතන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ ඒකයි. මොන දේශපාලනඥයා ඔබේ ඔළුවට මොන කුණු කන්දල් දැම්මත්, අපට ඕන ඔබේ මනස, ඔබේ මොළය සහ ඔබේ හදවත ධනාත්මක චින්තනයෙන් පුරවන්නටයි. අපිට පුළුවන් කියලා හිතාගෙන, මේ රටේ ඉන්න තාරුණ්‍යයට ලෝකයේ ඕනෑම රටක් එක්ක හැප්පෙන්නට පුළුවන් ශක්තියක්, දැනුමක් සහ විශ්වාසයක් තියෙනවා කියන එකයි අපේ පණිවිඩය.

මේ පණිවිඩය අපි අරගෙන යන්නට ඕන. ඇයි? හෙට උදේ ඔබ නැගිටින්න ඕන මේ රට ගැන විශ්වාසයක් තියාගෙන, අපි ගැන විශ්වාසයක් තියාගෙන, ඔබ ගැන විශ්වාසයක් තියාගෙන. අපි නුදුරු දිනෙකම එකතු වෙලා නැගිටිනවා කියන හැඟීමෙන් මිසක්, අඬ අඬා ඉන්න, ඍණාත්මකව සහ බැරි බැරියාවෙන් කටයුතු කරන රටක තාරුණ්‍යයක් හැටියට නොවෙයි. අන්න ඒ පණිවිඩය පමණයි මම ඔබට දෙන්නේ.

අපට මේ සරල පණිවිඩය පමණක් ඔබ ඔබේ ඔළුවේ තියාගෙන ගියොත්, මේ පණිවිඩය මේ රටේ ඔබ සමඟ උරෙන් උර ගැටෙන තාරුණ්‍යය සමඟ බෙදාහදා ගත්තොත්, අපට පුළුවන් දියුණු, අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්නට. ඔබ ප්‍රාර්ථනා කරන, ඔබේ සිහින ඉෂ්ට වන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්නට.

ඒ නිසා ඒ විශ්වාසයෙන්, අද මේ කුරුණෑගල පැවති ඉතාම සාර්ථක, ඉතාම සාර්ථක මේ “Youth Vibe” තරුණ සමුළුව, අපේ Gen Z සමුළුව, අපේ Gen Alpha සමුළුව සහ මේ කතිකාව ඔබ මතකයේ තබා ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img