ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ “Motor Rally 2026” වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය.
සමාජය තුළ වගකීම් සහගත මෝටර් රථ සංස්කෘතියක් (Responsible Motoring Culture) සහ ස්වයං විනයගරුක රිය පැදවීමක් ස්ථාපිත කිරීමත්, නීති රීතිවලට පමණක් සීමා නොවී අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව මාර්ග භාවිත කිරීමේ සංකල්පය සමාජගත කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම ප්‍රදර්ශන පෙළපාලිය මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික ප්‍රවණතා දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ වාහන ආනයනය නැවත ආරම්භ කර ඇති අතර, සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් සැකසීම රජයේ අරමුණ බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අවසන් වූ විගස තාවකාලික බදු සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වූ වාහන රැසක් එක්වූ මෙම පෙළපාලිය Port City පරිශ්‍රයෙන් ආරම්භ වී Water’s Edge දක්වා ගමන් කළේය.
























