Saturday, October 31, 2026
HomeNEWS2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ “Motor Rally 2026” වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය.

​සමාජය තුළ වගකීම් සහගත මෝටර් රථ සංස්කෘතියක් (Responsible Motoring Culture) සහ ස්වයං විනයගරුක රිය පැදවීමක් ස්ථාපිත කිරීමත්, නීති රීතිවලට පමණක් සීමා නොවී අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව මාර්ග භාවිත කිරීමේ සංකල්පය සමාජගත කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

​මෙම ප්‍රදර්ශන පෙළපාලිය මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික ප්‍රවණතා දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ වාහන ආනයනය නැවත ආරම්භ කර ඇති අතර, සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් සැකසීම රජයේ අරමුණ බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අවසන් වූ විගස තාවකාලික බදු සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

​කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටර් රථ දක්වා වූ වාහන රැසක් එක්වූ මෙම පෙළපාලිය Port City පරිශ්‍රයෙන් ආරම්භ වී Water’s Edge දක්වා ගමන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img