Friday, November 6, 2026
HomeNEWSවෙරිටේ සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා-මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

වෙරිටේ සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා-මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

EPF අරමුදලට රජය මැදිහත්වීමට ජනතාවගෙන් 77%ක් අකමැති බව කියන වෙරිටේ සමීක්ෂණ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා…සමීක්ෂණ ආයතන දේශපාලන අතකොලු බවට පත් විය යුතු නෑ…- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ – දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ රජය, සේවක අර්ථසාධක අරමුදලට මැදිහත්වීමට ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 77%කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැඳිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න මෙහි දී සලකා බැලිය යුතු බවයි.මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීමට මෙරට ජනගහනයෙන් 28⁣%ක් පමණක් කැමැත්ත පළ කර ඇති බවට සමීක්ෂණ වාර්තාවක් මීට පෙර අදාළ සමාගම ඉදිරිපත් කළේ ය. ඒ සඳහා නියැඳිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1008 දෙනෙකු හෙවත් සමස්ත ජනගහනයෙන් 0.0045%ක් පමණක් බවයි අමාත්‍යවරයි පෙන්වා දෙන්නේ. මෙරට ගනුදෙනුකරුවන් සතු බැංකු ගිණුම් මිලියන 57.2ක් සේ ම සේවක අර්ථ සාධක අරමුදල, විශ්‍රාමික අරමුදල් ආරක්ෂා වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බව සේමසිංහ මහතා කියා සිටියි. එසේ ම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොවූවා නම් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන බරපතල අර්බුදයකට ලක් වීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ද හේතු වූ බවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී සියලු ණය හිමි රටවල් වෙත සමානව සැලකීමේ න්‍යාය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජය අනුගමනය කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. ඒ අනුව සියලු ණය හිමි රටවල් මේ වන විට ඊට එකඟතාව පළ කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරන අතර ණය ගෙවීමේ කාලය වැඩි කර ගැනීම සහ පොලී අනුපාත පහත දමා ගැනීම ශ්‍රී ලංකාව මූලික වශයෙන් එම රටවලින් අපේක්ෂා කරන බව සේමසිංහ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය සඳහා එහි විධායක කමිටු අනුමැතිය නුදුරේ දීම ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසිය පළ කරයි. මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අදහස් නොමැති හුදු දේශපාලන විරෝධතාවලින් සිදු වන්නේ රටේ ඉදිරි ගමනට හානියක් බව අමාත්‍යවරයා පවසයි. ඔවුන් අනුව යමින් ඇතැම් සමීක්ෂණ ආයතන ද දේශපාලන අතකොලු බවට පත්ව ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img