Tuesday, September 1, 2026
HomeNEWSවෛද්‍ය පාදෙණියගේ සාදයකට පැමිණි වෛද්‍යවරයෙකුට කොවිඩ්

වෛද්‍ය පාදෙණියගේ සාදයකට පැමිණි වෛද්‍යවරයෙකුට කොවිඩ්

වෛද්‍ය පාදෙණියගේ සාදයකට පැමිණි වෛද්‍යවරයෙකුට කොවිඩ්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ.

20 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුල් 03කට අයත් කණ්ඩායමක් එම ප්‍රිය සම්භාෂණයට සහභාගී වී ඇතිඅතර වෛරසය ආසාදනය වූ වෛද්‍යරවරයා ද ඒ අතරට අයත් ය.

එම වෛද්‍යවරයා මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

ඒ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මහතා ද පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස නිරෝධායනයට යොමුකිරීම සඳහා ඊයේ (13) රාත්‍රීයේ ඔහුගේ නිවසට ගොස් තිබුණි.

අනුරුද්ධ පාදෙණිය මහතා දැරණියගල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළාය.

“දැන් ඉන්නවා කිව්වේ දැරණියගල ගිහින්. දැන් එන ගමන් කියලා තමයි කිව්වේ. වහාම අපි ගෙදර නිරෝධායනයට ලක්කරනවා. පාටියක් කියන්නේ මෙහෙමයි, ඔහුත් සමග සේවය කරපු වෛද්‍යවරුන්ට අවුරුද්ද අවසානයේ ගෙදරට ගෙන්නලා කෑම වේලක් දීලා තියෙනවා. එතන හිටපු වෛද්‍යවරයෙක් තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. වෛද්‍ය පාදෙණිය දන්නවා ඔහු පළමු පෙළ ආශ්‍රිතයෙක් කියලා.”

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රීයේ සිට වෛද්‍යවරයා නිවසේ රැඳීසිට නොමැති බවය. 

“පසුගිය 10 වැනිදාට ආසන්න දිනයකදී විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතාගේ නිවසේ පැය 4කට ආසන්න කාලයක් ඔවුන් රැඳී ඉඳලා තිබුණා. ඒ අනුව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊයේ රාත්‍රියේ විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතාගේ නිවසට ගිහින් තිබුණා අවශ්‍ය නිරෝධායන කටයුතු කරන්න. නමුත් එතුමා හෝ එතුමන්ගේ නිවැසියන් කිසිවෙක් ඉඳලා නෑ. අද දින පෙරවරුවෙත් නිවසේ කිසිවෙක් රැඳී ඉඳලා නෑ. දැනුම් දුන් වාහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ස්ථානයට යෑමට සූදානමින් සිටිනවා,” යනුවෙන් උපුල් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img