Tuesday, October 27, 2026
HomeNEWSශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගයට අනුව, මහජනතාවට පීඩාවක් වන පරිදි ශබ්ද උපකරණ භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදෙන නමුත්, ආගමික හෝ විශේෂ අවස්ථාවන්හිදී අදාළ කරුණු සලකා බලා නීත්‍යානුකූලව අවසර ලබාදීමට කටයුතු කරනු ලබ‍යි.

පොලිස් අවසරයක් ලබාගෙන ඇති අවස්ථාවලදී සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වා ද, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වා ද, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වා ද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව හිමිවේ.

කෙසේ වෙතත්, මෙම කාලසීමාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර, අවසරයක් තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා වන පරිදි පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

අවසර ලබාදී ඇති අවස්ථාවලදී කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි අධීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් යොදවන අතර, මහජන පැමිණිල්ලක් ලැබී ශබ්දය පීඩාවක් බව තහවුරු වුවහොත් එම ක්‍රියාව වහාම නතර කිරීමට දැනුම් දෙනු ලැබේ.

පොලිස් දැනුම්දීම නොතකා තවදුරටත් අධික ශබ්දයෙන් යුතුව කටයුතු කරන්නේ නම්, අදාළ ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

එබැවින් නීතිවිරෝධී ලෙස හෝ මහජනයාට පීඩාවක් වන පරිදි සිදුකරන අධික ශබ්ද නිකුත් කිරීම් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118, 119 හදිසි ඇමතුම් අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img