එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා අද (16) දින ජනාධිපති මාධ්යය කේනද්රයේ දී පැවැත් වූ මාධ්ය සාකච්ඡාවේදී දැක් වූ අදහස්.
ශ්රී ලංකාවේ මාධ්යය ශ්රී ලංකාවේ අනාගත පැවැත්ම සඳහා ඉතා වැදගත්ය.
(මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත)
“මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද ; ශ්රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණීස විධිවිධාන සැලසීම සඳහා ද ; තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ද ; ශ්රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සඳහා සහ ප්රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ; සිද්ධියක් පිළිබඳ අසත්ය ප්රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම සඳහා ද ; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනඅෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.“
නිදහසින් පසුව සහ නිදහසට පෙරත්, ඒ වගේම ලෝකයෙත් තොරතුරු තාක්ෂණය වේගයෙන් වැඩි දියුණු වෙමින් තිබෙනවා. අතීතයේ තොරතුරු හුවමාරු වූ ආකාරයට වඩා තාක්ෂණ දියුණුව සමඟ වේගවත් පණිවුඩ හුවමාරු ක්රම, සන්නිවේදන මාර්ග ලෝකයෙත් ඇතිවෙලා තියෙනවා. ශ්රී ලංකාවෙත් ඇති වෙමින් තිබෙනවා. රටක අනාගත පැවැත්ම රඳා පවතින්නේ උගත් නූගත් ජනතාවට ලැබෙන පණිවුඩ හුවමාරු ඔස්සේය. රටක උගතුත්, නූගතුත් මාධ්යය හරහා ලබා දෙන පණිවුඩය ඉතා වැදගත්ය. මහජනයා එම පණිවුඩය විශ්වාස කිරීමට පෙළඹ සිටීම කොයි රටෙත් සිදුවන ක්රියාකාරීත්වයකි.
ඒ අනුව ශ්රී ලංකාවෙත් 1978 න් පසුව විද්යුත් මාධ්යය වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරලා තිබෙනවා. පළමුව ශ්රී ලංකාවේ රූපවාහිනිය තිබුණු අතර, ඊට ප්රථම මුළු ශ්රී ලංකාවම ආවරණය නොවුණත් වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සහෝදර ශාන් වික්රමසිංහ මැතිතුමා විසින් ITN ආයතනය ආරම්භ කරලා තිබුණා. පසුව එය රජයට පවරා ගත්තා. ඉන්පසුව 1978 න් පසු ශ්රී ලංකාවේ තිබුණු එකම ගුවන් විදුලිය වෙනුවට ගුවන් විදුලි නාලිකා රාශියක්, ඒ වගේම රූපවාහිනි නාලිකා විශාල ප්රමාණයක් රජය විසින් ලබා දීම සිදුවුණා. සියලු රූපවාහිනී මාධ්ය පාලනය වුණේ රූපවාහිනි පනතෙන් පමණයි. එය කිසිසේත්ම සාධාරණ මාධ්ය දියුණුවට සුදුසු නොවේ.
එසේ නම් ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු සන්නිවේදනය, එසේ නොමැති නම් මාධ්යය නිවැරදි කිරීම සඳහාත් ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහාත්, නීති රීති පද්ධතිය සකස් කරගෙන තිබෙනවා.
උදාහරණයක් හැටියට සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්යය අධිකාරී පනත සිංගප්පූරුවේ දියුණුවට ඉතාමත් වැදගත් වෙලා තිබෙනවා.
ශ්රී ලංකාවේ සන්නිවේදන මාධ්යය සංවර්ධන අධිකාරී විකාශන පනත ඉතා වැදගත්. නමුත් අපි උදාහරණයක් ලෙස සිංගප්පූරු පනත සහ ශ්රී ලංකාවේ පනත සන්සන්ධනය කරලා බැලුවහොත් ඊට වඩා ශක්තිමත් භාවයෙන් අඩු තොරතුරු සන්නිවේදන පනතක් ශ්රී ලංකාවේ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ගැන විවිධ අය විවිධ අදහස් පල කිරීම ස්වාභාවිකයි. පුරුදු වී තිබෙන වැරදි තොරතුරු සැපයීම තුළ රටක් විනාශ වෙන මාර්ගය වෙනස් කරගැනීමට කාලය එළඹිලා තිබෙනවා.
යෞවන යෞවනියන් ජීවිත සියදිවි හානිකර ගෙන ඇත.
උදාහරණයක් ලෙස විශේෂයෙන් තරුණ පරම්පරාව අද Facebook, Twitter, Tiktok, Instagram සහ Youtube වැනි සමාජ මාධ්යය හරහා ලබා දෙන පණිවුඩ සම්බන්ධයෙන් ද ඔවුන් සිටින්නේ ඉතාමත් අසහනකාරී තත්ත්වයකිනි. උදාහරණයක් ලෙස තරුණ තරුණියන් හට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ඉතා වටිනා ආදරය නැමැති සුන්දර කතාවට ද විශාල බාධක එල්ලවීම තුළ ජන ජීවිත සියදිවි හානිකර ගැනීම දක්වා වර්ධනය වෙලා තිබෙන මෙවැනි සමාජ මාධ්යය ජාලා හරහා සිදුවීම ඔවුන් ද අද බලවත් කම්පනයට සහ ඒ සඳහා නීති රීති අවශ්ය බව යෞවන යෞවනියන් ද පිළිගන්නා කරුණකි.
ලෝකයේ රටවල Facebook ඇතුලු අනෙකුත් තොරතුරු මාර්ග ජනතාවට හානිකරවීම පාලනය කරමින්, ජනතාවට වඩාත් යහපත් ලෙස නිවැරදි තොරතුරු සැපයීමටත්, එමෙන්ම ව්යාජ තොරතුරු සපයන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමත්, උගත් දියුණු වන සමාජයකට ඉතා වැදගත්ම අංශයක් බව අපි මතක තබා ගත යුතුය.
එසේ නම් ශ්රී ලංකාව ලෙස ශක්තිමත්ව ආසියාවෙත්, ලොවෙත් ශක්තිමත්ව සිටගැනීම සඳහා මාධ්යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ශ්රී ලංකාවේ සියලු මාධ්යය ආයතන සිංගප්පූරුවේ මාධ්යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත් වෙනවා. ඔවුන්ට විකාශන සේවා බලපත්රයක් ලබා දීමටත්, එය අවලංගු කිරීමටත්, වැරදි තොරතුරු සැපයීම තුළ ඒ සඳහා එය නිවැරදි කරගැනීම සඳහා අවශ්ය කරන දඬුවම් නියම කිරීමටත් පූර්ණ බලය ලබා දී තිබෙනවා. ඒ නිසා තමයි එවැනි රටවල් ලොව බලවත් ජාතින් බවට පරිවර්තනය වෙලා තිබෙන්නෙ.
දේශපාලනය පැත්තෙන් කල්පනා කරලා බැලුවත්, දේශපාලනය තුළ බොරු වපුරවන සංස්කෘතිය ශ්රී ලංකාව තුළත් වෙනස් විය යුතුව තිබෙනවා. එමෙන්ම අත්යවශ්ය සත්යය වසන් කිරීම සිදුනොවීමටත් මාධ්ය වගකීමක් බව අප මතක තබාගත යුතුව තිබෙනවා.
එසේ නම් ශ්රී ලංකාවේ සියලු මාධ්යය ආයතන මුද්රිත සහ විකාශන තොරතුරු ලබා දීමත් නියාමානු කරගැනීම මාධ්යයේ දියුණුවටත්, ශ්රී ලංකාවේ දියුණුවටත් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් ශ්රී ලංකාව ඉදිරිපත් කර තිබෙන විකාශන පනත් කෙටුම්පත ශ්රී ලංකාව තුළ ක්රියාත්මක කිරීම මේ රටේ අනාගතයටත්, මේ රටේ අනාගත පරම්පරාවටත් සිදුකරන යහපත් ක්රියාවක් ලෙස මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.
උදාහරණයක් ලෙස එවැනි නියමානු කිරීමක්, මාධ්යය ශක්තිමත් කිරීමක් මිස එය මාධ්යය පාලනය කිරීමක් නොවන බව සියලු මාධ්යයවේදීන් සහ සියලු පුරවැසියන් දැනගත යුතුව තිබෙනවා. නිවැරදි තොරතුරු සැපයීම සමස්ත ජාතියටම හිතකර ක්රියාවලියකි. එය ශක්තිමත් කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ වී මාධ්යය ආයතන වලට අදහස්, යෝජනා, ඔවුන් තුළ තිබෙන අසත්ය ප්රකාශ වැළැක්වීම සඳහා තිබෙන ක්රමවේද ඔවුන්ට ද ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.
ලෝකයේ දියුණු රටවල් Facebook, Twitter, Tiktok, Instagram සහ Youtube වැනි සමාජ ජාල සඳහා වාරණ පැනවීමනේ දියුණුවට පත් වී ඇත.
ඒ නිසා ශ්රී ලංකාවේ අනාගත පැවැත්මටත් ලොව ඇතිවන තත්ත්වයන් නිවැරදිව දැනුවත් කිරීමටත් උදාහරණයක් ලෙස වර්තමානයේ ලෝකයේ පවතින ඊශ්රායල් සහ ගාසා තීරයේ ඇති වී තිබෙන තත්ත්වයෙදි වුවත් ආගම් අනුව, ජාතීන් අනුව වෙන් නොවී ශ්රී ලාංකිකයන් ලෙස සිට ගැනීමට හැකිවන පරිදි මාධ්යය හැසිරවිය යුතුව තිබෙනවා. එසේ නොමැතිව ජාතීන් අනුව, ආගම් අනුව, රටවල් අනුව මාධ්යය ආයතන ක්රියාකළහොත් ඒ රටවල් විනාශ වීමට පත්වෙනවා.
දැනට ගාසා තීරයේ ඇති වී තිබෙන යුධ තත්ත්වය දෙස බලන විට සිංගප්පූරුව ආදර්ශයට ගන්න පුලුවන්. සියලු දෙනා සිංගප්පූරුවන් හැටියට ලොව ඉදිරියේ පෙනී සිටිනවා. ජපානය ජපනුන් ලෙස ලොව ඉදිරියේ පෙනී සිටිනවා. ශ්රී ලංකාවත් ශ්රී ලාංකිකයන් ලෙස පෙනී සිටිය යුතුයි. එසේ සිදුවුවහොත් ශ්රී ලංකාවට ශක්තිමත් අනාගතයක් උදාකරගැනීමට හැකිවන බව අප සියලු දෙනා මතක තබා ගත යුතුය.
දැන් අපේ අසල්වැසි රට වන ඉන්දියාව Tiktok සමාජ මාධ්යය ඇතුලු තවත් ජංගම දුරකථන වැඩසටහන් 58 ක් තහනම් කරලා තිබෙනවා. රජය පවසන්නේ රටේ ආරක්ෂාව උදෙසා ගන්නා පියවරක් ලෙස නමුත්, බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ චීනය හා ඉන්දියාවේ හිමාලය ආශ්රිත ගැටුම්වල ප්රති ප්රහාරයක් ලෙස මෙය සිදු කර ඇති බවයි. කෙසේ හෝ ඉන්දියානුවන් සඳ තරණය දක්වා තාක්ෂණය යොදා ගැනීම සිදුවෙලා තිබෙනවා. විනය ගරුක සමාජයක දියුණුවේ ප්රතිඵලයක් ලෙස අපට හොවා දැක්විය හැකිය.
එමෙන්ම චීනය 2009 ජුලි මාසයේ සිට Facebook, Twitter සහ Google සේවාවන් සඳහා වාරණයන් පනවා තිබේ. බටහිර චීනයේ ස්වයංපාලන ප්රදේශයක් වන ෂිං ජින් යැං වල සන්නිවේදන පහසුකම් පියවර කපා දැමීම වශයෙන් ගැනුණු ක්රියාමාර්ගයකි. පණිවුඩ හුවමාරු සේවා වලට විකල්ප වශයෙන් We Chat දුරකථන යෙදවුම් භාවිතා කෙරේ. චීනයේ නිෂ්පාදිත Tiktok සමාජ ජාලය චීනයේම තහනම් කරගෙන ඇත. උතුරු කොරියාවෙත් එවැනි බාධක පනවා ජාතීන් ලෙස ලොව ඉදිරියේ ශක්තිමත්ව පෙනී සිටීම සිදුවේ. ඉරානයේ ද ඔවුන්ගේ පණිවුඩය හුවමාරු ශක්තිමත් කරගෙන තිබේ. සිංගප්පූරුව, තුර්කිය හා අනෙකුත් රටවල් ද ඒ ඒ රටවල් ලොව ඉදිරියේ ශක්තිමත් භාවය රඳවා ගැනීම සඳහා අවශ්ය කරන නිවැරදි තොරතුරු සැපයීමට මාධ්ය ජාලා සමාගම් විසින් පරිහරණය කරන බව ලොව ඉදිරියේ ද ප්රදර්ශනය වෙමින් තිබේ.
කෙසේ හෝ බොහෝ දේශපාලඥයන් ඉන්දියාව ගැන කතා කරනවා, ජපානය ගැන කතා කරනවා, සිංගප්පූරුව ගැන කතා කරනවා, දකුණු කොරියාව ගැන කතා කරනවා, චීනය ගැන කතා කරනවා. ඔවුන් දියුණු ජාතීන් බවට පත්වෙලා ඉන්නවා කියලා උදාහරණත් ගේනවා. හැබැයි ඒ දියුණු ජාතින් බවට පත්වුණු රටවල් වල තිබෙන නීති රීති පද්ධතිය හඳුනා ගැනීමට කිසිවෙකු උත්සාහ දරන්නෙ නැහැ. මැලේසියාව ගැනත් කියනවා. හැබැයි ඒවායේ තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවන් හා නීති රීති පද්ධතියන් සම්පූර්ණයෙන්ම ඒ රටවල් ලොව ඉදිරියේ බලවතුන් ලෙස නැගී සිටීම සඳහා අවශ්ය කරන සියලු නීති රීති සම්පාදනය කරගෙන තිබෙනවා. එහෙනම් ශ්රී ලාංකිකයන් ලෙස දැනට ක්රමානුකූල නොවී තිබෙන මාධ්යය සංස්කෘතිය, මාධ්යය දියුණු කරගැනීම සඳහා ශ්රී ලංකාවේ ජනතාව බුද්ධියෙන් ඉහළ තැනකට ගෙනයාම සඳහා නියමානුකූල කරගැනීම ඉතා වැදගත් වේ. මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ වීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්රධානම ක්රියාවලියක්. එය ශ්රී ලංකාවෙත්, ලොව ඉදිරියෙත් ශක්තිමත් පෙනී සිටීමට ඉතා වැදගත් බව ප්රකාශ කරමි.
වජිර අබේවර්ධන (පාර්ලිමේන්තු මන්ත්රී)
හිටපු අමාත්ය,
සභාපති – එක්සත් ජාතික පක්ෂය.
මාධ්ය ඒකකය






















