Thursday, September 3, 2026
HomeNEWSශ්‍රී ලංකාව පරාජය කරමින් බංග්ලාදේශයට ලකුණු 16ක ජයක්.

ශ්‍රී ලංකාව පරාජය කරමින් බංග්ලාදේශයට ලකුණු 16ක ජයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (05) සමත්වුණි.ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙයි.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූණි.පර්විස් හොසේන් ලකුණු 67ක් රැස් කළ අතර පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත්තේය.ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5කට දැවී ගියේය.අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගව්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කින් ලකුණු 56ක් රැස් කළේය.මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පූර්ණ කළේය.නිෂාන් මදුෂ්කගේ ඉනිම ලකුණු 17කට සීමා වූ නායක චරිත් අසලංක ලකුණු 6කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දවා ගනිමින් බංග්ලාදේශය යළිත් තරගයට අවතීර්ණ වුණි.කෙසේ වෙතත් ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කළේය.කෙසේ වෙතත් ජනිත් ලියනගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටුණි.ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2002 වසරේදීය.එතැන් සිට මේ දක්වා පැවති තරග 11ම ජය ගැනීමට සමත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img