Thursday, April 16, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ජුලියානා මැනෙල්ලා මහත්මිය අද 2020.09.14 දින අරලියගහ මන්දිරයේදී  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූවාය.

ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙරටේ නියෝජිතයෝ මෙහිදී සාකච්ඡා කළහ. 

ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී ඇති නමුත් ආහාර සැකසීම, ජලජීවී වගාව සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය ඇතුළු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දුවක් දක්වයි.

ඉතාලියේ  සමාගම්  රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව තානාපතිනි ජුලියානා මැනෙල්ලා මහත්මිය පෙන්වා දුන්නාය.

සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී තානාපතිනියගේ  අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී පිහිටුවන ලදී.  2016 දී මිලාන්හි කොන්සල් ජනරාල්වරයකු පත් කිරීම ඔස්සේ මෙම සබඳතා තවත් වර්ධනය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img