Monday, August 31, 2026
HomeNEWSශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් විය.

දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ, ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී පීඩනය යම් මට්ටමකින් සමනයවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

“ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් බැංකු සමඟ ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා. විශේෂයෙන් අපි දැක්කා පසුගිය දින කිහිපය තුළ රට තුළට ආනයනය කරන භාණ්ඩ සඳහා විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් පැවතුණා. ඒ භාණ්ඩ ආනයනය සඳහා වූ විදේශ විනිමය අවශ්‍යතාවය මත තමයි බොහෝ විට විනිමය සම්බන්ධයෙන් පීඩනයක් ඇති වී තිබුණේ. ප්‍රේෂණ හරහා රටට එන මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුව තිබෙනවා. නමුත් එදිනෙදා රට තුළට ගලා එන ප්‍රවාහයට වඩා ආනයන සම්බන්ධයෙන් ඇතිවන ඉල්ලුමේ ඉහළ යාමක් නිසා තමයි මේ ආකාරයේ පීඩනයක් අපි දැක්කේ. මෙය යම්කිසි තාවකාලික තත්ත්වයක් කියලා අපි හිතනවා. ඊට අමතරව රජයට යම්කිසි විශාල ප්‍රමාණයේ මුදල් ප්‍රවාහයන් ලබා ගැනීමට ඇති තත්ත්වය සැලකිල්ලට ගන්නා විට මේ තිබෙන පීඩනය යම් මට්ටමකින් සමනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img