ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.
ගින්න හටගෙන තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේ ය.
ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.
එසේම එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද සඳහන් ය.
ගින්නට හේතුව මෙතෙක් අනාරවණය වී නොමැත.






















