Wednesday, July 29, 2026
HomeNEWSකොවිඩ් හෙළ ඔසුව ගැන අස්ගිරි මහනායක හිමිගේ මතය

කොවිඩ් හෙළ ඔසුව ගැන අස්ගිරි මහනායක හිමිගේ මතය

කොවිඩ් හෙළ ඔසුව ගැන අස්ගිරි මහනායක හිමිගේ මතය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන දේශීය ඖෂධයෙන් මෙරට ජනතාවට සේවයක්වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවට තමන් වහන්සේට හැඟී යන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පවසති.

අදාළ ඖෂධය අද (15) ශ්‍රී දළඳා වහන්සේ වෙත පූජා කිරීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර මහතා අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ බැහැදුටු අවස්ථාවේදී මහනායක ස්වාමීන්වහස්සේ මේ බව පෙන්වා දුනි.

එහිදී “ජනතාවට මෙය තුළින් විශාල සේවයක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊට අකමැති නිසාමද කොහෙද එහෙම නැත්තම් දුප්පත් අය පිළිබඳව කිසිම සැළකීමක් නැති නිසාද කොහෙද ඒ පිළිබඳව ප්‍රසිද්ධියක් කළේ නෑ ඒ අය., කියන එකයි මට හිතෙන්නේ. නමුත් එදා අපි දැක්කා විශාල පිරිසකට ඔබතුමා පරිත්‍යාග කළා. ජීවිත දහස් ගානක් රැකගන්න කටයුතු කළා. ඒ කාර්යය ක්‍රමවත්ව විධිමත්ව කරන්නට අවකාශ දුන්නානම් රජයෙන්, මන් හිතනවා ඊට වඩා විශාල සේවයක් මේ දුප්පත් ජනතාවට සලසාදෙන්න පුළුවන්කම තිබුණා.” යනුවෙන් ද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පැවසූහ. 

ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් මර්දන දේශීය ඖෂධය අස්ගිරි මහනායක හිමියන් වෙත ද පූජා කළේය.
 
එම අවස්ථාවට එක්වූ දියවඩන නිලමේ නිලංග දෑල මහතාට ද දේශීය ඖෂධය පිළිගැන්විණි.

අනතුරුව අස්ගිරි අනුනායක පූජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමි වෙත එම ඖෂධය පූජා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ධම්මික බණ්ඩාර මහතා, “මේ බෙහෙත අපි විද්‍යාත්මකව සොයා බැලීමක් කළා, මේ අසනීපය සුව වෙනවද කියලා. ඒ අසනීපෙ සුව වෙන නිසා තමයි අපි මේක ගෙනල්ලා පූජා කළේ. මේ රෝගය නිසා රටේ දිනෙන් දින මැරෙන සංඛ්‍යාව අඩුකර ගන්න මේ ඖෂධය ඉක්මණින්ම දෙන්න නිර්දේශය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා,” යනුවෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img