5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් පහේ හපන්නු ඇගයීමේ වැඩසටහනක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්.ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බද්දේගම නගර ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමසේවක වසම් 72 ක් පුරා විසිරී පැතිරී තිබෙන පාසල් වල ශිෂ්‍යත්ව කඩයිම සමත් දරු දැරියන් 167 ක් සඳහා කුසලාන, සහතික පත් සහ වවුචර් පත් ප්‍රදානය ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ බද්දේගම, ගිණිමැල්ලගහ සහ වදුරඹ පුස්තකාල වල පුස්තකාලාධිපතිතුමන්ලා ප්‍රමුඛ නිලධාරීන් සහ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් විසිනි.
මෙම අවස්ථාව සඳහා වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උප සභාපති අනුර බටුවත්ත මහතා, බද්දේගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වී. සී. කේ ජාගොඩ මහත්මිය ප්‍රමුඛ නිලධාරීන්, බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ විදුහල්පති ආදිහෙට්ටි මහතා ප්‍රමුඛ අවට පාසල්වල විදුහල්පතිවරුන්, ප්‍රජා සංවර්ධන නිලධාරිනී පියුනි ආදිහෙට්ටි මහත්මිය, ශිෂ්‍යත්ව සමත් දරු දැරියන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















