Tuesday, September 15, 2026
HomeNEWSශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාව ගැන විශේෂ දැනුම්දීමක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂාව ගැන විශේෂ දැනුම්දීමක්

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහැරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 334,805 දෙනෙකු අයදුම් කළ අතර විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 329,668ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කකය හා මාධ්‍යය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කර තිබේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයකි.

යම් සිසුවෙකුට ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් පෙබරවාරි 28 වන දින දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර  ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් අවම ලකුණු සංඛ්‍යාව 153ක් වන අතර හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එය ලකුණු 150ක් වේ. 

අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්ක සදහා අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව ලකුණු 148ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා ලකුණු 147 අවම කඩඉම් ලකුණු සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා ලකුණු 145ක අවම ලකුණු සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේවෙතත් මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිස්ත්‍රික්ක සහ දිවයිනට අදාළ ශ්‍රේණිගත කිරීම් නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img