Friday, September 4, 2026
HomeNEWSLatest Newsශිෂ්‍යත්ව විභාගය අද

ශිෂ්‍යත්ව විභාගය අද

ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත් වේ.

මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද, පෙරවරු 11 සිට පස්වරු 12.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බැවින් බියකින් තොරව දරුවන් විභාගයට යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනීසිටීමට නියමිත විභාග අපේක්ෂකයින් සඳහා මෙම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සිසුන්ගේ දෙමව්පියන්ට ද තම දරුවා සමග විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – 78 52 11 , 011 2 – 78 52 12 දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (12) ආරම්භ වීමට නියමිතය.

හෙට දිනයේ සිට නොවැම්බර් 06වන දින දක්වා විභාගය පැවැත්වීමට නියමිත අතර මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 362,824ක් පෙනී සිටීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img