Thursday, June 11, 2026
HomeNEWSසංචාරක ක්ෂේත්‍රයට සුබවාදී බලාපොරොත්තුවක්

සංචාරක ක්ෂේත්‍රයට සුබවාදී බලාපොරොත්තුවක්

කොවිඩ් වසංගතයත් සමග මරු පහරක් එල්ල වූ මෙරට ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

කෙසේවෙතත් රටට සුබවාදී බලාපොරොත්තුවක් ගෙනදෙමින් මේ වනවිට මෙරට සංචාරක කර්මාන්තය යළි හිස එසැවීමට පටන්ගෙන තිබේ.

මේ වසරේදී සංචාරකයින් ලක්ෂ 11කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමටත්, එමගින් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයාගැනීමටත් ඉලක්ක කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ සංචාරක කර්මාන්තයෙන් උපයනු ලබයි.

ඒ ආශ්‍රිතව සෘජුව හෝ වක්‍රව දිවි සරිකරගන්නා පිරිස ලක්ෂ 30 කට අධිකය.

කොවිඩ් වසංගතයට පෙර මෙරටට වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 20ක් පමණ පැමිණියත් වසංගතය හේතුවෙන් 2020 වසරේදී එය 507,704 ක් දක්වාත් 2021 වසරේ 194,495 ක් දක්වාත් පහළ වැටුණි.

කෙසේවෙතත් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කළ අතර මේ ජනවාරි මාසයේ ගෙවුණු දින 18 තුළ පමණක් සංචාරකයන් 49,250 ක් මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන්, ඉන්දියාවෙන්, යුක්‍රේනයෙන්, එක්සත් රාජධානියෙන් සහ ජර්මනියෙනි.

ඔවුන් පවසන්නේ කොවිඩ් එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ළඟා කරගත් ප්‍රගතිය මෙරටට පැමිණීම සඳහා තමන් තුළ විශ්වාසයක් ගොඩනැංවූ බවය.

ඒ අනුව මෙරට මුහුදු තීර, මහනුවර, දඹුල්ල ආදි නගර මෙන්ම අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඓතිහාසික ප්‍රදේශවලද මේ වනවිට පැමිණි සංචාරකයන් රැසක් රැඳී සිටී.

මෙලෙස සංචාරකයන් පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක් ඉදිරි මාස කිහිපයේදීද අපේක්ෂා කළ හැකි බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.

පැමිණීමට අපේක්ෂිත සංචාරකයන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් නව ගුවන් සේවා සහ ගුවන් වාර සංඛ්‍යාව වැඩිකිරීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img