ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග ඇතුළත් විශේෂ සංස්කෘතික උත්සවයක් පසුගිය 08 වැනිදා කුවේට්හි දී කුවේට් දේශයේ ජල හා විදුලි ඇමතිනි ආචාර්ය අමානි සුලේමාන් අබ්දුල් වහබ් මහත්මියගේ සහ කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ඛාන්දීපන් බාලසුබ්රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග, රටේ උරුමය පිළිබඳව කුවේට් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, විවිධ අමාත්‍යවල නිලධාරීන් සහ එහි සිටින විවිධ තානාපතිරුන් දැනුවත් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය විසින් මෙම සංස්කෘතික උත්සවය සංවිධාන කර තිබුණි.
මෙරට සංස්කෘතික උරුමයන් විදහා දැක්වෙන් පරිදි පැවැත්වුණු මෙම සංස්කෘතික ප්රසංගයේදී එය නැරඹු බොහෝ දෙනා දැඩි ප්‍රසාදය පළ කර තිබේ.
රටවල් අතර මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, මෙරට තුළ ආයෝජන සිදුකර ගැනීම සඳහා ආයෝජකයින්ගේ අවධානය දිනාගැනීම, ගෘහ සේවයට අමතරව ඉදිරිකීරීම් ක්ෂේත්රය ඇතුළු තවත් විවිධ ක්ෂේත්රවල රැකියා අවස්ථා කුවේට් දේශයෙන් ලබා ගැනීම ඇතුළු අරමුණු කිහිපයක් මුල්කරගෙන කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.
කුවේට් දේශයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිහු, විවිධ අමාත්‍යාංශවල උසස් නිලධාරීන්, කුවේට් හි සිටින විවිධ රටවල විදෙස් තානාපතිවරු, කුවේට් ව්‍යාපාරික ප්‍රජාව, කුවේට් දේශයේ සිටින ශ්‍රී ලාංකිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.






















