විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීය.පාර්ලිමේන්තුවේ පෙරවරුවේ සෑම දිනකම වැඩි කාලයක් විවිධ අදහස් දක්වන විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ නොසිටින්නේ ඒ නිසාදැයි ඔහු විමසා සිටියේය.රජයේ මුදල් අවභාවිත කර ඇතැයි ඔප්පු කලහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව විපක්ෂ නායකවරයා ඊයේ දින සිදුකළ ප්‍රකාශය අනුව තමන් ඒ බව ඔප්පු කරන ලද නිසා විපක්ෂ නායකවරයා අද උදෑසනම පාර්ලිමේන්තු නාවේ ඔහු ඉල්ලා අස්වීම නිසාදැයි මන්ත්‍රීවරයාව විමසා සිටියේය.කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්දා යාපා අබේවර්ධන මහතා කියා සිටියේ තමන්ට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු නොපැමිණීම පිළිබඳ සොයා බැලීමට හැකියාවක් නැති බවයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ කියා සිටියේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි තමන්ට එල්ල වන චෝදනාව ඔප්පු කළහොත් ඉල්ලා අස්වන බවයි.එහිදී වර්තමාන සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අදාළ මුදල් වියදම් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා නියමිත පරිදි අනුමැතිය ලබාගෙන නැති බවයි.ඒ අනුව විපක්ෂ නායකවරයාට එල්ල කල චෝදනාව ඔප්පුවීම මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මහින්දානම් අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන දහසක මුදල් අවභාවිතාවක් සිදුවී නැති බවත් එම මුදල් වියදම සඳහා ආවරණ අනුමැතිය ලබාගෙන ඇති බවත්ය.කෙසේ වෙතත් ටික වේලාවක් ප්‍රමාද වී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂ සළුවක් ෙගල වටා පැළඳගෙනයි. මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කාරීමට ඔහු එම මෝස්තරයෙන් සැරසී සිටියේය.






















