සඳගිරි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ
හන්තාන සඳගිරි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම අද (17) සිදුකෙරුණි.
අද සවස 3.00ට යෙදුණ සුබ මොහොතින් එම කටයුතු සිදුවිය.
ඒ, ස්වාමීන් වහන්සේ පන්සිය නමකගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නෙලුම් මල් ලක්ෂයක් පූජා කරමිනි.
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත පැවැත්වුණි.
මේ අතර අද සිට එළැඹෙන 20වන ඉරිදා පස්වරු 3 දක්වා එහි නිධන් වස්තු තැන්පත් කිරීමට සැදැහැවතුන්ට ද අවස්ථාව හිමිවෙයි.






















