Friday, April 17, 2026
HomeNEWSසභාපතිවරුන්තේරීමට විවෘත ඡන්දයක් ඉල්ලන ලෙස සජබයෙන් දැනුම් දීමක්.

සභාපතිවරුන්තේරීමට විවෘත ඡන්දයක් ඉල්ලන ලෙස සජබයෙන් දැනුම් දීමක්.

බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.බහුතරය නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැති නම් රහස් ඡන්දයක් දැයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සජබය තීන්දු කර ඇත්තේ විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විය යුතු බවටය.රජය රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමක දී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත.මේ නිසා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සජබය නියම කර තිබේ.ඒ සමගම පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සජබය තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග තඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img