විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව කටයුතු කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ රැස්වූණි.
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොන්දේසි විරහිතව පරාජය කිරීම සඳහා වන යෝජනාව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් එහිදී ඉදිරිපත් කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.






















