Friday, November 6, 2026
HomeNEWSසමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ගෙදර මැද සාලයේ කතා කරනවා වගෙයි -...

සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ගෙදර මැද සාලයේ කතා කරනවා වගෙයි – පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ක්‍රියා කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට සහාය දැක්වීමට බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ තීරණය පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලුම ජනතා නියෝජිතයින් පිළිගත යුතු බවත්, පාර්ලීමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පසුගිය 02 දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේදී නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදී.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ හැසිරීම පිළිබඳව කථානායකවරයා විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ සභාපතීත්වය දැරුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින්ය.එහිදී අජිත් රාජපක්ෂ මහතා සිදුකරන ලද ප්‍රකාශය පහත දැක්වේ.ගරු කථානායකතුමනි, මම යම් පැහැදිළි කිරීමක් කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු වුනාම නිල වශයෙන් එම කමිටුවේ සභාපතිවරයා බවට පත්වන්නේ මම. ඒ නිසා තමයි එම වගකීම ඔබතුමා මට පවරලා දුන්නේ. එහෙම නැතිව වෙන පෞද්ගලික දේවල් ඉලක්ක කරගෙන නෙවෙයි. ඒ වගේම අපි මේ කමිටුව රැස්වෙලා අපි නීත්‍යානුකූලව කළ හැකි ‌බොහෝ දේවල් අවස්ථානුකූලව කරන්න සාකච්ඡා කළා අපේ කමිටුවේ සාමාජිකයින්. ඒ වගේම අපේ කමිටුවට කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසා නියෝජිත ගරු මන්ත්‍රීතුමියන්ලා දෙදෙනෙකුත් සහභාගී කරගෙන අපි මේ කටයුත්ත සිද්ධ කළා. එහිදී ඔබතුමා අපෙන් බලාපොරොත්තු වුනේ එම සිදුවිම සම්බන්ධව යම් සාධාරණ විනිශ්චයක් සිදුකර අපේ වාර්තාව ඔබතුමාට බාර දෙන්න. ඒ අනුව අපි ඒ කරපු ක්‍රියාවලියේදී අපේ වාර්තාව ආචාර ධර්ම සංග්‍රහයටත් ඒ වගේම බලතල හා වරප්‍රසාද පාර්ලිමේන්තු පනත අනුව අපි ඒ කටයුතු ඉතාමත් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඔබතුමාට අපි ඒ වාර්තාව නීත්‍යානුකූලව බාර දුන්නා.මෙම අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම කතාවට බාධාකළ නිසා ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය.ගරු කථානායකතුමනි, ඕක තමයි මේ පාර්ලිමේන්තුවේ වෙච්ච වැඩේ. එ් කියන්නෙ කාටවත් අදහස් දක්වන්න ගියත් එකේ කිසි ශීලාචාරකමක් නැහැ. හරිම අශීලාචාරයි. එතකොට මූලාසනයේ ඉන්න ඔබතුමාත්, මමත් ඕකෙ වාඩි වෙනවා. මේ පාර්ලිමේන්තුවෙ ඉන්න ගොඩක් මන්ත්‍රීවරුන් හිතා ඉන්නෙ කථානායක වුනාම හිට්ලර් වගේ කියලා. මේ 225ම ගහන්න ආවත් ගහන්න පුළුවන් පොරක් වගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඊට අමතරව සමහරු හිතන් ඉන්නෙ සර්වබලධාරීන් කියලා. මේ සියලු දේවල් දන්නව කියලා. නමුත් ඔබතුමා අපි දන්නවා මූලාසනයේ වාඩි වුනාම මේ විශාල පිරිසක් හැටියට එකට බලපෑම් කරන කොට මොන තරම් පීඩනයක්ද කියලා. ඒ පීඩනය දරා ගන්න හරි අමාරුයි. සමහරු ඒක හරි සැහැල්ලුවෙන් හිතන් ඉන්නේ. පසුගිය කාලේ ගරු කථානායකතුමනි මම දකුණු කොරියාවේ වැඩමුළුවකට ගියා. එතනදී දකුණු අප්‍රිකාවේ ඉන්න නියෝජ්‍ය කථානායකතුමාගේ නෝනා මගේ ළගින් වාඩි වෙලා මගෙන් අහනවා ඔබතුමාගෙත් තට්ටෙ නේද කියලා. මම කිව්වා අනේ ඔව් කියලා. ඒ මනුස්සයා මට කියනව ලෝකේ ගොඩක් තැන්වල බැලුවම කථානායකලා,නියෝජ්‍ය කථානායකලා හැමෝගෙම තට්ටෙ තියනව කියලා. ඊට පස්සෙ ඒ නෝනා කියනවා තට්ටෙ එන්නේ මේ පිඩනයට කියලා. ඒ කියන්නෙ මේ පීඩනය හරි අමාරුයි. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න හැමෝම ඉතාමත් ගෞරව කරන්න ඕන, ආචාරශීලී වෙන්න ඕන. තව සමහරු පාර්ලිමේන්තුවෙ මම දැකල තියෙනවා කතා කරන්නෙත් ගරු කථානායකතුමනි එහා පැත්තෙ දොර ඇරන් එළියට යනවා. වචනයක් ඇහුනම ආයෙ ගෙයි මැද සාලෙට එනවා වගේ දුවලා ඇවිල්ලා මයික් එක ඔබල ස්ථාවර නියෝග, ස්ථාවර නියෝග කියලා කෑ ගහනවා. වගන්තිය ඇහුවම කියන්න දන්නෙත් නැහැ. නිකන් මැද සාලෙ රන්ඩු වෙනව වගේ. එහෙම හොඳ නැහැ. අපි මේ රටේ පුරවැසියන්ගේ ගෞරවය රකින්න ඕන. ඒකට තමයි අපි ඇවිල්ල තියෙන්නෙ. ඒ නිසා අපි කොයි වෙලාවෙත් පක්ෂෙද විපක්ෂෙද නෙවෙයි අපේ වගකීම ඉෂ්ඨ කරන්න ඉන්නෙ.ඊට පස්සේ අපි කමිටුවෙ තීන්දුවක් ගත්තේ ගරු කථානායකතුමනි මේ පනතේ තියෙන බලතල අනුව ඔබතුමා දන්නවා මේකෙ වගන්තියෙන් වගන්තියට තියෙනවා හැසිරීමට දඬුවම් දෙන විදිය. අනවශ්‍ය වචන පාවිච්චි කිරීම, සටනට ආරාධනා කිරීම, පහර දීමට තැත් කිරීම, එ්වට වෙන වෙනම තියෙනවා. අපි කමිටුව එ් වගන්ති වෙන වෙනම සඳහන් කරලා දීලා තියෙනවා. එතෙකාට එ්වා සමහර එ්වට එකකට මාසයයි, ඊළග එකට තව මාසයයි. සමහර ඒවා හය මාසයක් වෙනකන් තියෙනවා. නමුත් අපි මොනව කරත් මේ පනතේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව දෙන්න පුළුවන් මාසයයි. ඒ කියන්නේ අපි කමිටුවේ මොන නිර්දේශ කළත් මේ පනතේ තියෙන්නෙ වරදට දඩුවම් දෙන්න පුළුවන් උපරිම මාසයයි. ඉතින් ඒකෙදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ චමල් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතීත්වයෙන් තියෙන බලතල හා වරප්‍රසාද කමිටුවෙ නිර්දේශය තමයි මේ පාර්ලිමේන්තුවට වගකියන්නේ. අපි කරන්නේ ඒකට සහනයක් සැලසීමට උදව්වක් කිරීම. ඉතින් ඒ උදව්ව අපි කරා. ඒ නිසා මෙතෙන්දි මේ ගත්ත දඩුවම මීට වඩා යම් පොඩි සංශෝධනයක් වුනානම් හොඳයි කියලා මං අදටත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඩු කරන්නවත් වැඩි කරන්නවත් නෙවෙයි. යම් සාධාරණයක් වෙන්න. නමුත් අපි කවුරුත් දැන ගන්න ඕන ඇයි මේ වගේ දේකට කමිටු දාන්නෙ. මේ පාර්ලමේන්තුවට එන්නෙ බබ්බු නෙවෙයිනේ. මේ පාර්ලිමේන්තුවට එන්නෙ උගත් මන්ත්‍රීවරු. හැබැයි ඒ අය හරියට හැසිරුනා නම් කමිටු ඕනද අපිට. අපි ඒ හැසිරීම හරියට කරානම්. ඒ නිසා හරි හෝ වැරදි හෝ වැරැද්දක් කරා නම් දඩුවම් දෙන්නම ඕන. ඒක සුදු ද කළු ද කියල නැහැ. ඒක තමයි අපේ කමිටුවෙ නිර්දේශය. ඒ නිසා ඉස්සරහටත් මේ පාර්ලිමේන්තුවෙ ගෞරවය රකින්න අපි අපේ යුතුකම වගකීම ඉෂ්ඨ කරනවා. අපි මේ කමිටුවේ පැහැදිළිවම, මම දන්නැහැ මෙච්චර පැහැදිලිව තවත් යමක් තියෙනවද කියලා. අපිට පුළුවන් උපරිම විදියට අපි ඒකට සාධාරන හේතු දක්වල තියෙනවා. ඒ පනත අනුව ඒ කමිටුවෙ ක්‍රියාකාරිත්වය එතුමාට තියෙනවා. ඒ අනුව ක්‍රියා කිරීම ඔබතුමාගේ වගකීම යනුවෙන් ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩි දුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img