Sunday, May 3, 2026
HomeNEWSLatest Newsසමාජ ආර්ථික බලපෑම් සොයාබලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතුයි......බැසිල් රාජපක්ෂ

සමාජ ආර්ථික බලපෑම් සොයාබලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතුයි……බැසිල් රාජපක්ෂ

සමාජ ආර්ථික බලපෑම් සොයාබලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතුයි……බැසිල් රාජපක්ෂ

රැකියා උත්පාදනය, අදායම් වැඩිවීම ,අපනයන වැඩිවීම වැනි   ආර්ථික හා  සමාජ සංවර්ධන දර්ශක වලින් සමන්විත දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සංවර්ධන සැලසුම් සකස් කර, ක්‍රියාත්මක කරන සහ එමගින් ලැබෙන සමාජ ආර්ථික බලපෑම් සොයාබලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩිදියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (2020.08.22) අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.

එහිදි නිවැරදි දත්ත හා තොරතුරු එක් ස්ථානයකට ඒකරාශි වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා විසින් පෙන්නවා දුන්නේය.

මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්ද හිමි නාම ලේඛනය පොදු දේපළක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි පවතින නීතිමය ගැටලු පිළිබඳව පරිපාලන සේවා සංගමය කරුණු පෙන්වා දුන්නේය.

කෘෂිකර්මය, ධිවර, සංචාරක කර්මාන්තය,අපනයන ප්‍රවර්ධනය, දේශිය හා විදේශිය ආයෝජකයින්ගේ ප්‍රාග්ධන යෙදවුම, දේශීය හා විදේශිය ආයෝජකයින්ට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබාදීම, ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පවතින පරිපාලනමය ගැටලු විසඳිමේ අවශ්‍යතාවය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

පවතින තත්ත්වය හමුවේ අපනයනය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ  විදේශිය ආයෝජන අවස්ථා ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා දිස්ත්‍රික් මටට්මින් ආයෝජකයින්ට පහසුකම් සලසන ව්‍යුහ වල අවශ්‍යතාවය පිළිබඳවත් බැසිල් රාජපක්ෂ  මහතා විසින් පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා පැරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රදීප් රත්නායක මහත්මා ඇතුළු සංගමයේ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img