Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsසමෘද්ධි ප්‍රතිලාභ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50000ක්

සමෘද්ධි ප්‍රතිලාභ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50000ක්

සමෘද්ධි සහනාධාරය රටට බරක්වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 

අද (24) දහවල් , සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.

එම කරුණු සාකච්ඡාවට ගැණුනේ එහිදී ය.

සමෘද්ධි ප්‍රතිලාභ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50,000ක් වන අතර එම මුදල රටට ආයෝජනයක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සමෘද්ධි ලාබීන් සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළ යුතු බවය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img