Wednesday, November 11, 2026
HomeNEWSසරසවි සිසුන්ට විශ්වවිද්‍යාල තුළදී ම කොවිඩ් එන්නත

සරසවි සිසුන්ට විශ්වවිද්‍යාල තුළදී ම කොවිඩ් එන්නත

සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

“තමන් කුමන විශ්වවිද්‍යාලයක සිටියත් දැන් තමන් පදිංචි පළාතේ තියෙන විශ්වවිද්‍යාලයට ගිහින් ඔවුන්ට මෙම එන්නත ලබාගන්න පුළුවන්. ඔවුන්ට ලබාදෙන්නේ සයිනොෆාම් එන්නත බව මම පැහැදිලිව ම කියනවා. එතකොට තමන් මේ දක්වා එන්නතක් ලබාගෙන නොමැති නම් තමන් කුමන විශ්වවිද්‍යාලයක හිටියත් උදාහරණයක් වශයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් දැනට විශ්වවිද්‍යාලය වහලා නිසා පදිංචිය යාපනයේ නම් යාපනය විශ්වවිද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට ගිහින් ඔහුට එම එන්නත ලබාගත හැකියි.”

මේ අතර ළමුන් සඳහා වු කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවසන් වු වහාම බුස්ටර් මාත්‍රාව සහ තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ දෙවන මාත්‍රාව ලබාගත් දිනයේ සිට මාස 06ක් සම්පුර්ණ කළ පිරිස් සදහා බුස්ටර් එන්නතත්, දෙවන මාත්‍රාව සම්පුර්ණ කළ දින සිට මසක් සම්පුර්ණ කරන ලද  ප්‍රතිශක්තිය හීන වු පිරිස් සඳහා තෙවන මාත්‍රාවත් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img