ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර තිබේ.
සර්ව පාක්ෂික සමුළුව ලබන 23 වනදා පැවැත්වීමට නියමිතය.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සිය පක්ෂය අදාළ සමුළුවට සහභාගි නොවන බවය.
කොළඹ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,
“සර්ව පාක්ෂික සමුළුව කිසිසේත්ම ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනාවක් නොවේ. පොහොට්ටු දේශපාලන ව්‍යාපාරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවූ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස මේක යෝජනා වෙන්නේ. රටේ සියලු ආර්ථික තොරුතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා, සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා කිරීම කිසිසේම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය අපි අවධාරණය කළේ මීට අවුරුදු එකහමාරකට පෙර. දැන් අර්බුදය වර්ධනය වෙලා පුපුරා ගියාට පස්සේ ඒ සාකච්ඡාවලට අපිට ආරාධනා කිරීම කිසිම ඵලක් නැහැ. ඒ නිසා මේ කැඳවා තිබෙන මේ සර්ව පාක්ෂික සමුළුව කියන ප්‍රෝඩාවට ජාතික ජනබලවේගය සහභාගි වෙන්නේ නැහැ.”






















