සහස්පුර සුජීවා අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නිරත වූ “සහස්පුර සුජීවා” නමැති කාන්තාව බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල පොලීසියේ දූෂණ මර්දන ඒකකය සිදුකළ වැටලීමකදී බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 700ක් සමග මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මයිකල් අන්තෝනි සුජීවනි නොහොත් සුජීවා නමැති මෙම කාන්තාව 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව සඳහන් වේ.
සැකකාරිය අද (27) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ඊයේ (26) උදෑසන 6 සිට අද උදෑසන 5 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමඟ පුද්ගලයින් 484 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ එහිදී හෙරොයින් ග්‍රෑම් 328ක්, ගංජා කිලෝග්‍රෑම් 47ක්, අයිස් ග්‍රෑම් 67ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවය.






















