Friday, May 22, 2026
HomeNEWSස්ථාවර ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට IMF සහාය

ස්ථාවර ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට IMF සහාය

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි.වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.ශ්‍රී ලංකාව හමුවේ ඇති වත්මන් ආර්ථික අභියෝග පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කළ ජනාධිපතිවරයා එකී අභියෝග හමුවේ වුවද, 2026 අයවැයෙන් මෙරට ජනතාවට අවශ්‍ය සහන සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද සිහිපත් කළේය.රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තීරුබදු සහන ඇතුළු පහසුකම් ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉදිරියටද ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට හිමිවන ආර්ථික වර්ධනයේ සියලු ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන කැපවීම අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද එකඟතාව පළ කළහ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ඇතුළු Sandesh Dhungana, Ursula Wiriadinata, Dinar Prihardini, Samson Kwalingana, Ozlem Aydin යන මහත්ම මහත්මීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතයින් වන Martha Woldemichael, මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී. සේනානායක, මහබැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල, Alternate Executive Director මහාචාර්ය පී.කේ.ජී. හරිෂ්චන්ද්‍ර, උප අධිපති, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.එස්. ජෙගජීවන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.ජනාධිපති මාධ්‍ය අංශය2025-07-21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img