Thursday, September 17, 2026
HomeNEWSස්වාධීන කොමිෂන් සභා කිහිපයක සාමාජිකයින් අලුත් වන ලකුණු

ස්වාධීන කොමිෂන් සභා කිහිපයක සාමාජිකයින් අලුත් වන ලකුණු

‍මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් එම පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (25) පෙරවරු 09.30ට රැස්වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සඳහා මේවන විට සාමාජිකයින් 09 දෙනෙකු පත්කර අවසන් වී තිබේ.

ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා පත්කිරීම සම්බන්ධයෙන් හෙට රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී අවධානයට යොමු කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් ඇතුළු සාමාජිකයින් පත්කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුමත කළ යුතු වේ.

ඒ අනුව මැතිවරණ, සීමා නිර්ණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මුදල්, ප්‍රසම්පාදන, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති...

වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය ප්‍රකාශක  දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ  මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර  අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම්...

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img