Tuesday, April 28, 2026
HomeNEWSසාන් සුද්දා' බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී මොණරාගල රෝහලෙන් පැන යයි.

සාන් සුද්දා’ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී මොණරාගල රෝහලෙන් පැන යයි.

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවුණි.එම සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සැකකරු අද උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇත.පලාගිය සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img