2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට තවත් සතියක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ වන විට පාසල් අයදුම්කරුවන් 350,000 කට වැඩි පිරිසක් විභාගය සඳහා අයදුම්පත්‍ර බාර දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් පුද්ගලික අයදුම්කරුවන්ගෙන් සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් අයදුම්පත් බාර ගන්නා කාලය දීර්ඝ කර තිබේ.






















