Monday, September 14, 2026
HomeNEWSසැත්කම් කල් දැමූ පදනම හෙළිකරන්න - GMOA

සැත්කම් කල් දැමූ පදනම හෙළිකරන්න – GMOA

රජයේ රෝහල්වල සැත්කම් කල් දැමීමට පියවර ගත්තේ කුමන පදනමකින් ද? ඒ කුමන කාලයකට ද යන්න සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම රටට ප්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පොරොත්තු ලේඛනයක සිට ශල්‍යකර්මයක් සිදුකරගැනීමට පැමිණෙන රෝගීන්ගේ, රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ රෝගියාගේ මානසික තත්ත්වය බැහැර කිරීමට හැකි කරුණක් නොවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මාස ගානක් පොරොත්තු ලේඛනයක ඉඳලා තමයි මේ ශල්‍යකර්මයට එන්නේ. සංකූලතා, අතුරු අබාධ විශේෂයෙන්ම එම රෝගියාගේ මානසික තත්ත්වය ව්‍යාකූල වීම ඒ වගේ කාරනා අපට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, සෞඛ්‍ය ලේකම්ගෙන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලනවා වහාම රටට පැහැදිලි කරන්න, මොන හේතුද මේ තීරණය ගන්න බලපෑවේ ?, කොයිතරම් කාලයකට මෙය වලංගුයිද ? කියලා.”

වෛද්‍ය උපදෙස් මත පමා කළ හැකි ශල්‍යකර්ම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම්, ප්‍රමුඛතාව සහ විශේෂඥ උපදෙස් මත සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මේ බව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය වෘත්තිය සංගම් කිහිපයක් ම එම තීරණයට විරෝධය පළ කළේය.

ඔවුන් අනතුරු ඇඟවූයේ සැත්කම් පමා කිරීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වන බවය.

මේ අතර සැත්කම් පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ජීවිතාරක්ෂක ශල්‍යකර්ම, පිළිකා රෝගීන් සඳහා සිදුකරන සැත්කම් සහ අත්‍යවශ්‍ය සැත්කම් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන බවය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින රෝහල්වල සැත්කම් සිදු කිරීමේදී සැත්කමෙහි අවශ්‍යතාව හා ප්‍රමුඛතාව පිළිබඳ සලකා බලා විශේෂඥ උපදෙස් මත, සැත්කම් සිදුකිරීමේ අනුපිළිවෙළෙහි වෙනස්කම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img