Thursday, April 16, 2026
HomeNEWSසිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක්

සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක්

සිංගප්පුරුවේ වෙසෙන බෞද්ධ ජනතාව විසින්  ආපදාවෙන් හානියට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නගාසිටුවීම සඳහා රුපියල් මිලියන් 20 ක පරිත්‍යාගයක් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට භරදීම එම අමාත්‍යංශයේදී සිදුවිය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි සහ සිංගප්පූරුවේ බෞද්ධ දායක මහතුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ  මෙම පරිත්‍යාගය සිදුකළහ.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි සිංගප්පූරුවේ බෞද්ධ දායක මහතුන් දෙදෙනෙකු ද ඇතුළු පිරිස සමග අමාත්‍යාංශයේ දි මා මුණගැසුනහ. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනකාරී අවස්ථාවට සඳහා සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් ලබාදෙන පරිත්‍යාගයක් ලෙස රැපියල් මිලියන 20ක චෙක්පතක් මා වෙත බාර දුන්හ. ශ්‍රී ලංකාව යළි නගාසිටුවීමේ ඉදිරි ප්‍රයත්න සඳහා ඉදිරියේ දී ද තවත් පරිත්‍යාගයන් ලබාදීමටත් දායක පිරිස පොරොන්දු වූහ. මෙම අවස්ථාවට ඩේවිඩ්, ටැන් යූ බෙන්ග්, මහින්ද මඩිහ හේවා, කිංස්ලි කුමාර පතිරගේ යන මහතුන් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img