Sunday, November 1, 2026
HomeNEWSආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ  දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (15) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිළධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිතයි.

එම විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළයුතු වේ.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම සෑහිමකට පත්විය හැකිනම් පමණක් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වේ.

මෙම විශේෂ  නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img