Thursday, November 12, 2026
HomeNEWSසිමෙන්ති, කිරිපිටි, ගෑස් සහ තිරිඟුපිටි මිල ගැන අවසන් තීරණය සඳුදා

සිමෙන්ති, කිරිපිටි, ගෑස් සහ තිරිඟුපිටි මිල ගැන අවසන් තීරණය සඳුදා

සිමෙන්ති, කිරිපිටි, ගෑස් මෙන්ම තිරිඟුපිටි මිල ගණන් සම්බන්ධයෙන් ලබන සඳුදා සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණය ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අදාළ භාණ්ඩවල හිඟයක් වෙළෙඳපොළේ පවතින බව වාර්තා වෙයි.

වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඉකුත් ජුලි මාසයේ නිර්මාණය වූ අතර ඊට විසඳුම් ලෙස කිරිපිටි ආනයනකරුවන්ට සහානයක් දීමට රජය පියවර ගත්තේය.

එහෙත් වෙළෙඳපොළේ අදටත් කිරිපිටි හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් මැසිවිලි නගයි.

නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ අද කිරිපිටි මිලදී ගැනීම සඳහා දිගු පෝලිමක් පැවැති අතර එහිදී පාරිභෝගිකයන් සහා ‍වෙළෙඳසැලෙහි සේවකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි.

ලාෆ් ගෑස් හිඟයක් මතුවූ විට ඔවුන්ට මිල වැඩිකිරීම සඳහා ඉඩදීමට රජය පියවරගත්තත් තවමත් වෙළෙඳපොළේ ලාෆ් ගෑස් මිලදී ගැනීමට නොමැති බවද ජනතාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img