වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පළාගොස් තිබූ මෝටර් රථය ද අද (25) සොයාගෙන තිබේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන විපුල පෙරේරා නමැත්තා එලෙස පැනයාමට භාවිත කළ මෝටර් රථය සොයා ගැනුණේ වැලිවේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය.
ඒ කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිදුකළ වැටලීමකදීය.
එහිදී අදාළ නිවසේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට පත්වුණි.
මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කරමින් සැකකරුවන් පිරිසක් මෝටර් රථයකින් පළාගොස් තිබූ අතර පසුව ඔවුන්ව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඔහු විසින් අධිකරණයට ඊයේ භාරවීමෙන් අනතුරුවය.






















