ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් යොදවා පවරාගත් බුලත්සිංහල ගොඩනැගිල්ලක් ප්‍රයෝජනයට නොගෙන ඇතහැර දමා තිබීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ එම ගොඩනැගිල්ලේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව සොයාබැලීමට රාජ්‍ය අමාත්‍යවරයා එහි ගිය අවස්ථාවේදීය.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් යොදවා එම ගොඩනැගිල්ල එලෙස පවරාගෙන අලුත්වැඩියා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි.






















